ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන ය ගැසට් ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට
2022-06-29 19:02:11
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා කියයි. එම සංශෝධනය සඳහා පසුගියදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබිණ.

පණත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර දින 7 ක් තුළ පාර්ළිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරේ.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසුවේ ව්‍යවස්ථා සංශෝධනයේ අංකය පිළිබඳව ජනතාවට ගැටලුවක් පවතින බවයි. සමගි ජන බලවේගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස තමා 22වන සංශෝධනය ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම