චීන ජනාධිපතිවරයා හූබෙයි පළාතේ වූහාන් නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2022-06-29 16:33:04
Share with:

චීන ජනාධිපතිවරයා හූබෙයි පළාතේ වූහාන් නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(28) වූහාන් නගරය නිරීක්ෂණ කළේය. එම චාරිකාවේ දී හෙතෙම ප්‍රථ‍මයෙන් ම HG Tech සමාගම නිරීක්ෂණ කරමින් පැවසුවේ දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික තොරතුරු කර්මාන්තය චීනයට තවදුරටත් ප්‍රමුඛත්වය අත්කර ගත හැකි අධි විද්‍යා හා තාක්ෂණ කර්මාන්තය බවයි. වූහන්හි Donghu නව තාක්ෂණ වර්ධන කලාපය දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික තොරතුරු කර්මාන්ත අංශයේ සුවිශේෂී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර තාක්ෂණ පර්යේෂණය කිරීම ශක්තිමත් කිරීමෙන් විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීම කඩිනම් කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. විද්‍යා හා තාක්ෂණ හරය තදින් ග්‍රහණය කර ගත යුතු ය. විද්‍යා හා තාක්ෂණ ස්වයං යැපීම අතින් තවදුරටත් විශාල වර්ධනයන් ලබා ගැනීමෙන් ජාත්‍යන්තර තරගකාරී තත්ත්වයේ නව වාසි අත්කර ගත හැකි බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

අනතුරුව ෂී ජින් පිං මහතා Donghu නව තාක්ෂණ වර්ධන කලාපයේ ජන ප්‍රජාවකට පැමිණ එහි වැසියන් සමග සමීපව අදහස් හුවමාරු කර ගත්තේ ය. වසර දෙකකින් පසු යළි වූහන් නගරයට පැමිණි ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ 2020 වසරේ වූහන් වසංගතයට එරෙහිව සටන ජය ගැනීම හා ඉන් පසු ස්ථීර තත්ත්වයක පැවතීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියම කළ වසංගතය පාලන  ප්‍රතිපත්තිය නිවැරදි මෙන්ම ඵලදායි බව පෙන්නුම් කර තිබෙන බවයි. දැඩිව එම ප්‍රතිපත්තිවල එල්බ සිටිය යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානත්වය යටතේ ජන ප්‍රජාවන් පදනම් වන බිම් මට්ටමේ සිට වසංගතය පාලන කටයුතු මෙන්ම ආර්ථික හා සමාජ වර්ධනය පූර්ණව සැලසුම් කිරීමට හැකිවෙතැයි  විශ්වාසයෙන් පසු වන අතර මෙම වසරේ චීන ආර්ථික වර්ධනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට  උත්සාහ දරන බව හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම