ගෝලීය මානව හිමිකම් පද්ධතිය තුළ චීනය ඉටුකරන ක්‍රියාකාරී භූමිකාව සැලකිල්ලට ගැනීම වැදගත්
2022-06-29 14:59:18
Share with:

මානව හිමිකම් යන්න පොදුවේ සියලු මිනිස්සුන්ට වැදගත් වන විශ්වීය සාධකයක් ලෙස හදුනා ගැනේ. යම් පුද්ගලයකුට මානව හිමිකම් භුක්ති විදීමට අයිතියක් පවතිනවා සේම, අනෙක් පුද්ගලයින්ට එම මානව හිමිකම් සුරැකීමේ අයිතියක් ද පවතී. සියලු රාජ්‍යන් සිය පුරවැසියන් වෙනුවෙන් මානව හිමිකම් සුරක්ෂිත කිරීමත්, ඒවා භුක්ති විදීමේ හැකියාව සහතික කිරිමත් සිදු කළ යුතු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල්, මානව හිමිකම් ප්‍රකාශනය හරහා මානව හිමිකම් සුරැකීමට බැදී සිටී. නමුත් ඒ එකගතාවයන් නොසලකා වෙනත් රටවල්වල මානව හිමිකම් උල්ලංඝනය කිරීමට මැදිහත් වීමටත්, රාජ්‍යයන් වල ස්වාධීනත්වයට හානි කිරීමටත් නොහැකි බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජ අධ්‍යයන අංශයේ, ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය පූජිකා අමරකෝන් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් මානව හිමිකම් සම්බන්ධ නීති සම්පාදනය කර ඇත. මානව හිමිකම් විශ්වීය ප්‍රකාශනයේ යම් යම් සම්මුතීන් ද සිය ව්‍යවස්ථාවට ඇතුලත් කර ගැනීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය වැනි ආයතන හරහා මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ද කටයුතු කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය සිය සියවන සංවත්සරයේ දී, විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහි දී චීන මහජන සමූහාණ්ඩුව මානව හිමිකම් සුරැකීමට හා එහි ප්‍රගතිය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව සඳහන් විය. එමෙන්ම චීන ජනතාවගේ යැපීම් අයිතිය හා ඔවුන්ගේ සංවර්ධනය, මූලික මානව  හිමිකම් ලෙස හඳුන්වා දී ඇත. එය ජනතාවගේ යහපැවැත්මට හා රටේ ඉදිරි ගමනට උපකාරී වනු ඇති බවට ද එම ප්‍රකාශයේ අන්තර්ගත විය.

එසේම චීනය මානව හිමිකම් සම්බන්ධව ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එමගින් චීන ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දෙන බවට ප්‍රකාශ කෙරේ. එපමණක් නොව මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය තුළ ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ සම්මුතියට ද චීනය එක්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂපාතී ලෙස සහයෝගය දැක්වීම විශේෂ අවස්ථාවක් බව කථිකාචාර්යවරිය ප්‍රකාශ කරයි. එම යෝජනාව හරහා ඇතැම් පාර්ශවයන් ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කිරීමට උත්සාහ කරන බව එහි දී චීනය අවධාරණය කළේය. ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීමට අඛණ්ඩව චීනය සහය දක්වන බව ද එහි දී සඳහන් කළේය. සමස්තයක් ලෙස ගත් කල ගෝලීය මානව හිමිකම් පද්ධතිය තුළ වඩා ක්‍රියාකාරි සාමාජිකයෙක් ලෙස යහපත් භූමිකාවක් චීනය ඉටු කරමින් සිටින බව කථිකාචාර්ය පූජිකා අමරකෝන් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම