G7 චීනයේ අභ්‍යන්තර කටයුතුවලට කවර ආකාරයකින් හෝ මැදිහත් වීම නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-06-29 19:38:07
Share with:

හොංකොං විශේෂ පරිපාලනයේ  කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, නීත්‍යනුකූලව හොංකොං භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සම්පූර්ණයෙන්ම සහතික කෙරෙන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා පවසයි.

G7  කණ්ඩායම චීනය සම්බන්ධයෙන් මෑතකදී පළ කළ නුසුදුසු ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

G7 ට අයක් රටවල් කිහිපයකට මානව හිමිකම් සම්බන්ධයෙන් ඔවුන්ගේම නරක වාර්තාව ඇති බැවින්, මානව හිමිකම් ගුරුවරයෙකු වීමට කිසිදු සුදුසුකමක්  නොමැත.

G7 චීනයේ සින්ජියැං, ටිබෙට් සහ තායිවානය සම්බන්ධ ඊනියා කරණු දක්වමින්, චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට උත්සාහ දරයි. මෙමගින් අනෙකුත් රටවලට ඔවුන්ගේ අධිපතිවාදී ස්වභාවය වඩාත් පැහැදිලිව දැකගත හැකි ය.

G7 කණ්ඩායමට වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට තබා ලෝකය නියෝජනය කිරීමට සුදුසුකම් නොමැති බව ද , Zhao Lijian මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම