හොංකොංහී සමෘද්ධිය හා ස්ථාවරත්වය චීන ජනපති ගේ නිරතුරු අවධානයට
2022-06-29 21:26:33
Share with:

     

                   හොංකොං ආපසු මව්රටට එක් වී වසර 25ක් ගත වී තිබේ. එක් රටක් ක්‍රම 2ක් ප්‍රතිපත්තිය යටතේ ගෙවී ගිය වසර 25 තුළ හොංකොං විශේෂ පරිපාලන කලාපය තිරසර සමෘද්ධිමත් මාවතක් ඔස්සේ ගමන් කරමින් සිටී.

                   රටේ උත්තරීතර නායකයා වශයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සංවර්ධනය පිළිබඳව නිරන්තරයෙන් විමසා බලමින් වැදගත් උපදෙස් ලබා දී ඇත. හෙතෙම ජනාධිපති ධූරය දැරීමට පෙර සිටම හොංකොං විශේෂ පරිපාලන කලාපයට ගොස් නිරීක්ෂණයන්හී නිරතව තිබිණ. පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී අවධාරණය කළේ එක් රටක් ක්‍රම 2ක් ප්‍රතිපත්තිය නොවෙනස් ව අනුගමනය කිරීම හොංකොං විශේෂ පරිපාලන කලාපයේ දිගුකාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය සහතික කරන හොඳම ක්‍රමය බවයි.

          චීන ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම ය‍ටතේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට පෙර නොවූ විරූ සංවර්ධන අවස්ථා ගණනාවක් උදා වී තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ එම කලාපයේත් ක්‍රියාත්මක කරමින් චීන රජය ගුවං තුං- හොංකොං-මැකව් මහ බොක්ක කලාපයේ නාගරික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවා ඇත. එමෙන් ම චීන රජය 14වැනි පස්අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපයට හිමි විශේෂ ස්ථානය අලුතින් පුරෝකථනය කර තිබේ.

                 2022 වසරේ නව වසර සුබපැතුම් පණිවිඩිය නිකුත් කිරීමේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා හොංකොං පිළිබඳ සඳහන් කරමින් පළ කළ අදහස් අපට මතක ය.  හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල ස්ථාවරත්වය හා සමෘද්ධිය සැමවිටම මව්රටේ සැලකිල්ලට ලක්වෙයි. සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම් මගින් එක් රටක් ක්‍රම 2ක් ප්‍රතිපත්තිය පිළිපදිමින් චීනයේ එක්සත්භාවය සාක්ෂාත් කර ගත හැකි බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම