අප්‍රිකාවේ සෝමාලි අර්ධද්වීපයේ දැඩි නියං තත්ත්වයක්
2022-06-29 10:00:01
Share with:

දරුණු නියං තත්ත්වය හේතුවෙන් අප්‍රිකාවේ සෝමාලි අර්ධද්වීපය දැඩි අවදානමකට මුහුණ දී සිටී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය 27වැනිදා මේ බව ප්‍රකාශ කළේය.

මානුෂීය ව්‍යසනයක් වැලැක්වීම සඳහා මෙම කලාපයට වහාම ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමේ සහාය සැපයිය යුතුව ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අප්‍රිකාවේ එම කලාපය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 219ක් මුදලක් රැස් කිරීමට සැලසුම් කර ඇත. මේ වන විට ඩොලර් මිලියන 47ක් රැස් කර ඇති අතර තවත් ඩොලර් මිලියන 172ක හිඟයක් පවතී.

ජිබුටි, එරිත්‍රියාව, ඉතියෝපියාව, කෙන්යාව, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය සහ උගන්ඩාව ඇතුළු රටවල් අටක්  සෝමාලි      අර්ධද්වීපය ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම