ඉන්ධන සැපයුම වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් සැලැස්මක් සහිතව ගෙවීමට මහ බැංකුවේ එකඟත්වය
2022-06-28 19:22:49
Share with:

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාල සමාගම්වලට ගෙවීමට ඇති මුදල් සැලැස්මක් සහිතව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟත්වය පළ කරයි. එතෙක් දැනට ඇති මුදල් භාවිත කර කඩිනමින් ඉන්ධන ආනයනය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කරන ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පැවැත්විණ. තෙල් සැපයුම යථාවත් කිරීම සඳහා මහ බැංකුවෙන් හා ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් සැපයීමටත් මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් කිසියම් සහන කාලයක් තුල ඉන්ධන ලබාගැනීමට අදාල මව් සමාගම් සමග සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය කෙරිණ. ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට හා නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම