චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ධාන්‍ය නිෂ්පාදනයට සහාය වීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ඇති බව චීන ජනාධිපතිවරයා කියයි
2022-06-28 18:52:36
Share with:

රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා දායක වීමට වඩාත් වැඩි ගොවීන් දිරිමත් කිරීම සඳහා මහා පරිමාණ ධාන්‍ය වගා කරන්නන්ගේ ආදර්ශවත් කාර්යභාරයේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අවධාරණය කරයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පින් මහතා නැගෙනහිර චීනයේ Anhui පළාතේ Taihe කෝරළයේ ප්‍රවීණ ධාන්‍ය ගොවියෙකු වන Xu Congxiang මහතා  වෙත පිළිතුරු  ලිපියක් යවමින් මේ බව ප්‍රකාශය කළේය. Xu මහතා  විශාල තිරිඟු අස්වැන්නක් ලබාගෙන ඇති බවත් ඔහුගේ පරම්පරාව කෘෂිකර්මාන්තයේ නියැළීමට ඔහුගේ අඩිපාරේ ගොස් ඇති බවත් දැන ගැනීමට ලැබීම ගැනත් තමා සතුටු වන බව ද චීන ජනාධිපතිවරයා‍ පැවසීය. ප්‍රමාණවත් ආහාර සැපයුමක් ඇති විට මිනිසුන්ට සුරක්ෂිත හැඟීමක් දැනෙන බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා තමා සෑම විටම ධාන්‍ය නිෂ්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන  බව පැවසීය.

මෑත වසරවලදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ධාන්‍ය නිෂ්පාදනයට සහාය වීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කර  ඇති බවද හෙතෙම සිය ලිපියේ සඳහන් කරයි. මහ පරිමාණ ධාන්‍ය වගාකරුවන්ට සිය වගා ක්‍රමවේදයන් හී වාසි ප්‍රයෝජනයට ගත හැකිය. නවීන කෘෂිකාර්මික තාක්‍ෂණයන් ක්‍රියාශීලීව යෙදවීමටත්, ධාන්‍ය නිෂ්පාදනය පුළුල් කිරීමෙන් සහ ධාන්‍යවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමෙන් රටේ ආහාර සුරක්ෂිතතාවයට දායක වීමට කුඩා පරිමාණ ගොවීන් දිරිමත් කිරීමටත් හැකි වනු  ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

 

 

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම