ආර්ථික, සමාජයීයහා සංස්කෘතික අයිතිවාසිකම් සුරැකීම තහවුරු කරන්නැයි චීනය ජගත් ප්රමජාවගෙන් ඉල්ලයි
2022-06-28 10:11:00
Share with:

ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් සුරැකීම තහවුරු කරන්නැයි චීනය ජගත් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chenxun මහතා මේ බව පැවසුවේ, ඊයේ(27) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50වැනි සැසියට එක්වෙමින් පැවැත්වූ දේශනයක දීය. රටවල් 90කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් මෙම පොදු දේශනය පවත්වනු ලැබීය.

එමෙන් ම, නව කොරොනා වසංගතය, බොහෝ රටවල පවතින සමාජ ආර්ථික අභියෝග තීව්‍ර කර ඇති බව ඔහු පෙන්වා දෙයි. COVID එන්නත සාධාරණ ලෙස බෙදා නොහැරීමේ ගැටළුව ඉන් කැපී පෙනේ. නව කොරොනා වසංගතය ප්‍රායෝගික ව පාලනය කළ හැක්කේ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින්, එකමුතුව සාමූහිකව ක්‍රියා කිරීමෙන් පමණක් බව ද Chenxun මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම