දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
2022-06-28 19:23:35
Share with:

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුගතව මගී ප්‍රවාහනය සදහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහනදායී ගාස්තු ක්‍රමයක් අනුගමනය කරයි. එහෙත් මෑතකාලීනව ඉන්ධන මිලෙහි සිදු වූ සීග්‍ර ඉහළ යාම මත එම දෙපාර්තමේන්තුවේ පුනරාවර්තන පාඩුව තවදුරටත් ඉහළ යමින් පවතී.

එසේම වසර 05කට අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු, වසර 14කට ආසන්න කාලයක් තුළ සංශෝධනය කර නොමැති භාණ්ඩ ප්‍රවාහනය සදහා හා තැපැල් ප්‍රවාහන කටයුතු සදහා සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සදහා අය කරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම