ආර්ථික ක්ෂේත්‍රයේ කරුණු රැසක් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්
2022-06-28 19:20:53
Share with:

ආර්ථික ක්ෂේත්‍රයේ කරුණු රැසක් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ.

හමුව ඊයේ (27) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු විය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සඳහා 2022දී 65 වසරක් සපිරේ. ශක්තිමත් රාජ්‍ය සබඳතාව සහ දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී මෙන් ම අවැසි සෑම විට ම රුසියාවෙන් ලැබෙන සහාය පැසසුමට ලක් කළේය.

තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම,  සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ රුසියානු තානාපතිවරයා සාකච්ඡා කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම