චීන විදේශ ඇමති හා ධුර කාලය අවසන් කරන යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා අතර හමුවක්
2022-06-28 20:50:49
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා අද(28) සිය ධුර කාලය අවසන් කරන චීනයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි Nicolas Chapuis මහතා හමු විය. 

වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, වත්මන් ලෝකය කැලඹිලි සහිත වෙනස්වීමේ යුගයකට අවතීර්ණ වී ඇති අතර, අවදානම් සහ අභියෝග අඛණ්ඩව වැඩි වෙමින් පවතින බවයි. ලෝකයේ වැදගත් බලවේග දෙකක් ලෙස, චීනය සහ යුරෝපය, හවුල්කාරීත්වයේ කේන්ද්‍රීය කරුණු ස්ථාවරව පවත්වා ගත යුතු අතර, වෙනස්කම්වල දී පොදු එකගතාවන් සොයමින් සබදතාවන් ආරක්ෂා කර ගත යුතු ය. මෙය සම්පූර්ණයෙන්ම දෙපාර්ශවයේ මූලික හා දිගුකාලීන අවශ්‍යතාවලට ගැලපෙන බව, වං යී මහතා එහිදී සදහන් කළේ ය.

යුරෝපා සංගම්-චීන සබඳතා වර්ධනය සඳහා ඇති හැකියාව අති විශාල බව, Nicolas Chapuis මහතා එහිදී පැවසීය. දෙපාර්ශ්වය අතර වෙනස්කම් තිබුණද, පොදු අවශ්‍යතා මගින් අන්‍යෝන්‍ය ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගත හැකි ය. යුරෝපා සංගමය සෑම විටම “එකම චීනය” මුලධර්මයට අනුගත වන බව, ඔහු එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම