යල් පැන ගිය G 7 කණ්ඩායමට ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කළ නොහැකි බව ජර්මානු බුන්ඩෙස්ටාග් සභිකාවක් කියාසිටී
2022-06-28 10:52:35
Share with:

G 7 කණ්ඩායමට ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කළ නොහැකි බව ජර්මානු බුන්ඩෙස්ටාග් සභිකාවක් පවසයි.

ජර්මානු බුන්ඩෙස්ටාග් හෙවත් එරට පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවේ වාමාංශික පක්ෂ කණ්ඩායමේ ප්‍රධානි Sevim Dagdelen මහත්මිය ඊයේ (27) පැවසුවේ, යල් පැන ගිය G 7 කණ්ඩායම ධනවත් බටහිර රටවල “ප්‍රභූ සමාජයක්” පමණක් බවත්, ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කළ නොහැකි බවත්ය. දේශගුණික විපර්යාස වැනි පොදු අභියෝගවලට එරෙහිව ලොව පුරා රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඇය පෙන්වාදෙයි.

ලෝකය නියෝජනය කරන බව පවසන G 7 රටවල් ආර්ථික ආයුධ භාවිත කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් බැහැර කර, ලෝකයට නියෝග දීමට උත්සාහ කරන බව ද  Sevim Dagdelen මහත්මිය කියාසිටී.

බලශක්ති ක්ෂේත්‍රයේ, රුසියාවට එරෙහි සම්බාධක රුසියාව, ජර්මනිය මෙන්ම ඇතැම් බටහිර රටවල ව්‍යවසායන් සහ පුද්ගලයන්ට විශාල හානියක් සිදු කර ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම