ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ ප්‍රතිඵල දෙකක්
2022-06-28 19:26:00
Share with:

ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ ප්‍රතිඵල දෙකක් චීන විදේශ අමාත්‍යංශය හඳුන්වා දෙයි.

පසුගිය සතියේ පැවති ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ගෝලීය වර්ධන හා දකුණු-දකුණු සහයෝගිතා අරමුදල, ගෝලීය වර්ධන ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානය යන නව සංකල්ප දෙකක් චීනය ඉදිරිපත් කළේය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(28) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ගෝලීය සංවර්ධන එකඟතාවන් එක්රැස් කිරීම සහ ගෝලීය සංවර්ධන සම්පත් බලමුලු ගැන්වීම මගින්, 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සහ ගෝලීය පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට දායක වනු ඇති බවට චීනය විශ්වාස කරන බවයි. 2015 වසරේ සැප්තැම්බර් මස චීනය දකුණු-දකුණු සහයෝගිතා ආධාර අරමුදල පිහිටුවූ අතර එය ගෝලීය සංවර්ධන සහ දකුණු-දකුණු සහයෝගිතා අරමුදල ලෙසට  උසස් කරන බව Zhao Lijian මහතා කියා සිටියේය. දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 3ට තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක් එකතු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල‍ට ගෝලීය සංවර්ධන මුලපිරීම් සහ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට සහය ලබා දෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම