අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් රාජ්‍ය සේවයට කැඳවන ලෙසට චක්‍රලේඛයක්
2022-06-27 18:24:39
Share with:

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ දී ආයතනයේ එදිනෙදා රාජකාරී කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් කැඳවන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ මහතා දැනුම් දෙයි. අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කල චක්‍රලේඛයක ඒ බව දැක්වේ. ප්‍රවාහන ගැටඑ හේතුකොට ගෙන මෙම චක්‍රලේඛය නිකුත්කර තිබේ. හැකි සෑම අවස්ථාවකදී නිලධාරින්ට නිවසේ රැදී සිටීමට ඉඩදී මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුය. මහජනතාව සමග සෘජුවම ගනු දෙනු කරන ආයතන වෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම අදාල අමාත්‍යංශ ලේකම්වරයාගේ හෝ පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් අනුව සිදුකල යුතු බව ද එම චක්‍රලේඛයේ දක්වා තිබේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම