රුසියානු ජනාධිපතිවරයා ජී20 කණ්ඩායමේ නායක සමුළුවෙන් බැහැර කිරීමේ අදහසක් නැතැයි යුරෝපා කොමිසමේ සභාපතිනිය කියයි
2022-06-27 11:10:05
Share with:

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජී20 කණ්ඩායමේ නායක සමුළුවෙන් බැහැර කිරීමේ අදහසක් නැතැයි යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ ඊයේ(26) ජර්මනියේ දී මාධ්‍යවේදීන් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. යුක්‍රේනයේ අවශ්‍යතාවට අඛණ්ඩව සහාය ලබා දිය යුතු බවත්, ඉදිරි කෙටි කාලයක් තුළ යුරෝපා සංගමය රුසියාවට තවදුරටත් සම්බාධක නොපණවනු ඇති බවත් ඇය හෙළි කළාය.

උග්‍ර වෙමින් පවතින බලශක්ති අර්බුදය පිළිබඳව ද ඇය කරුණු දැක්වූවාය. දිළිඳුකමෙන් පීඩා විඳින රටවලට වඩාත් වැඩි බලශක්ති නිදහසක් හිමිවීමට සහාය වීම සඳහා, රුසියානු තෙල් මිල ඉහල යාම සීමා කිරීමේ ක්‍රම පිළිබඳව විශේෂඥයින් පර්යේෂණය කරමින් සිටින බව ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම