චීනය ගානා රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරුන් ගෙන් සුභපැතුම්
2022-06-27 18:47:27
Share with:



චීනය ගානා රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරු අන්‍යෝන්‍ය වශයෙන් සුභපැතුම් පණිවුඩ යොමු කරති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ගානා ජනාධිපති Irfaan Ali මහතා අද(27) එම සුභපැතුම් පණිවුඩ පිරිනැමූහ. ෂී ජින් පිං මහතා එම පණිවුඩයෙන් සඳහන් කළේ ගෙවී ගිය වසර 50 තුළ දෙරටේ සබඳතාව විශාල වශයෙන් වර්ධනය වී තිබෙන බවයි. ගානා ජනාධිපති Irfaan Ali මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය පදනම් කර ගෙන දෙරටේ සබඳතා වර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම හා දෙරටේ ජනතාවගේ සුභ සෙත සැලසීම‍ට හැකිවෙතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කරයි.

Irfaan Ali මහතා තම පණිවුඩයෙන් සඳහන් කළේ ගානාව ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන් කතා කරන කැරිබියන් කලාපයේ චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ‍ගොඩනගා ගත් මුල්ම රට බවයි. එකම චීනය ප්‍රතිපත්තිය කෙරෙහි ගානාව තදින්ම අනුගතව සිටී. ගෙවී ගිය වසර 50 තුළ කාලය ගෙවී ගියද දෙරටේ සාම්ප්‍රදායික මිත්‍ර සබඳතාව වෙනස් වී නොමැත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම