චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ අන්තර්ජාල භාවිත කරන්නන්ගේ අදහස් උදහස් වෙත අවධානය යොමු විය යුතු බව චීන ජනපති අවධාරණය කරයි
2022-06-27 09:52:41
Share with:

මෙම වසරේ පැවැත්වීමට නියමිත චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ අදහස් වෙත අවධානය යොමුකිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා පසුගිය දා සඳහන් කළේ, කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ අදහස් විමසා බැලීම, සමස්ත පක්ෂය හා සමාජය විසින් ජාතික ප්‍රගමනයට හා ජාතික පුනර්ජීවනයට ද අදහස් ඉදිරිපත් කරනු ලැබීමේ ප්‍රායෝගික ක්‍රමයක් බවයි. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉන් පිළිබිඹු වෙයි. මේ පිළිබඳව කාඩර්වරුන් හා සාමාන්‍ය ජනතාව විශාල පිරිසකගේ ඉහළ අවධානයට යොමු ව ඇත. සංවර්ධනාත්මක අදහස් හා යෝජනා රැසක් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. අදාළ ආයතන එවැනි යෝජනා සිය සැලකිල්ලට ලක් කළ යුතු ය. අන්තර්ජාල ක්‍රමය ඇතුළු විවිධාකාර ක්‍රම වලින් ජනතා‍වගේ අදහස් කෙරෙහි අවධානය යොමු විය යුතු ය. ජනතාවගේ ඉල්ලුම් කේන්ද්‍ර කර ගනිමින් කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ විවිධ කාර්යයන් ප්‍රශස්ත ලෙස තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යා යුතු බවට ද ෂී ජින් පිං මහතා උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම