චීනයේ විද්‍යා හා තාක්‍ෂණික මානව සම්පත් සංඛ්‍යාව අඛණ්ඩව ලොව පළමු ස්ථානයට
2022-06-27 11:09:42
Share with:

චීනයේ විද්‍යා හා තාක්‍ෂණික මානව සම්පත අඛණ්ඩව ලොව පළමු ස්ථානය ගනී.

චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 24 වැනි වාර්ෂික සමුළුව ඊයේ (26) චීනයේ චං ෂා නගරයේ දී ආරම්භ විය. එම සමුළුවේදී 2020 චීන විද්‍යා හා තාක්‍ෂණික මානව සම්පත් සංවර්ධන වාර්තාව නිකුත් කෙරිණ. 2020 වසරේ අවසානය දක්වා, චීනයේ විද්‍යා හා තාක්‍ෂණික මානව සම්පත්  ප්‍රමාණය මිලියන 112.341 ක් වන අතර එය අඛණ්ඩව ලොව පළමු ස්ථානයේ පසුවන බව එම වාර්තාව පෙන්වා දෙයි.

විද්‍යා හා තාක්‍ෂණික මානව සම්පත් යනු විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම් උත්පාදනය, සංවර්ධනය, ව්‍යාප්තිය සහ යෙදවීම සඳහා සැබවින්ම නියැලී සිටින හෝ නියැලීමට හැකියාව ඇති මානව සම්පත්ය.

එම වාර්තාවට අනුව, 2019 වසරේ අග වන විට, වයස අවුරුදු 39 ට අඩු කණ්ඩායම එම මානව සම්පත්වලින් 78.39% කි. කාන්තා කණ්ඩායම 2005 දී එම පිරිසෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයේ සිට 2019 දී 40.1% දක්වා වේගයෙන් වර්ධනය වී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම