"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළට මඩ ගසන වචන සහ ක්‍රියාවන්ට දැඩිව විරුද්ධ බව චීනය කියයි
2022-06-27 19:27:21
Share with:

"ගෝලීය යටිතල පහසුකම් සහ ආයෝජන හවුල්කාරීත්වය" නිල වශයෙන් ආරම්භ කරන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා G7 රැස්වීම අතරතුර පවසා තිබේ.

ඒසේම නම් හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරියෙක් චීනයේ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළට  මඩ ගසමින් පෙන්වා දුන්නේ, G7 ඉදිරිපත් කළ යෝජනාව "ණය උගුලක්" නිර්මාණය කරන යටිතල පහසුකම් සහයෝගිතා ආකෘතියට විකල්පයක් වනු ඇති බවයි.

මේ පිළිබද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා සදහන් කළේ, ගෝලීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන සියලුම මුලපිරීම් චීනය සැමවිටම සාදරයෙන් පිළිගන්නා අතර,  ඒ ඒ මුල පිරීම් එකිනෙකට ආදේශ නොකළ යුතු බවයි.

යටිතල පහසුකම් ඉදිකිරීමේ ධජය යටතේ භූ දේශපාලනික  ක්‍රියාකාරකම්වලට චීනය විරුද්ධ වන අතර, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළට මඩ ගැසීමේ වචන සහ ක්‍රියාවන්ට ද විරුද්ධ වන බව, Zhao Lijian මහතා එහිදී කියා සිටියේ ය.‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම