ආසියාතිකයන්ට එරෙහි වෛරී සහගත ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී අපරාධ නවතා දමන්නැයි ආසියානු -ඇමරිකානුවෝ ඉල්ලති
2022-06-26 16:25:14
Share with:

ආසියාතිකයන්ට එරෙහි වෛරී සහගත ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී අපරාධ නවත්වන ලෙස ආසියානු සම්භවයක් ඇති ඇමරිකානුවෝ ඉල්ලා සිටිති.

ආසියානු ඇමරිකානුවෝ ඊයේ(25) පස්වරුවේ වොෂින්ටනයේ ජාතික චතුරස්‍රයේදී මේ සම්බන්ධයෙන් රැළියක් පැවැත්වූහ.

රැළියට එක් වූ පිරිස  "ආසියාවට වෛර කිරීම නවත්වන්න", "මම ආසියාතිකයෙකු නිසා මම ආඩම්බර වෙමි" සහ "වෛරයට එරෙහිව එකමුතු වීම" යනුවෙන් සටන් පාඨ සහිතව ඔවුන් විසින්ම නිමවන ලද පුවරු ඔසවාගෙන සිටියහ.

නව කොරොනා වසංගතය හමුවේ ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් වසංගතයට දුර්වල ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වගකීමෙන් මිදීම සඳහා කුමන්ත්‍රණ න්‍යායයන් ව්‍යාප්ත කර ඇත.  ඇමරිකාවේ ආසියාතිකයන්ට එරෙහි වෛරී සහගත ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී අපරාධ ඇමරිකාවේ කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම