ඇමරිකානු ජනපති තුවක්කු ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ පනතකට අත්සන් තබයි
2022-06-26 15:43:56
Share with:

තම රටේ පවතින දැඩි තුවක්කු අර්බුදය පිටුදැකීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ජන ප්‍රජා ආරක්ෂක පනතකට අත්සන් තබයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ(25) ධවල මන්දිරයේ දී එම පනතට අත්සන් තැබීය. වයස අවුරුදු 18 සිට 21 දක්වා තුවක්කු මිලදී ගන්නන්ගේ පසුබිම අධීක්ෂණය කිරීම, රෙගුලාසීන්ට අනුකූල නොවන තුවක්කු මිලදී ගැනීමේ ක්‍රියාවන් ෆෙඩරල් අපරාධයක් ලෙස නියම කරනු ලැබීම, තුවක්කු අර්බුදය මැඩලීමේ සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම යන කරුණු එම පනතට ඇතුළත් ය.

‘ තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ ලේඛනාරක්ෂක ’ වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛනයකට අනුව, මෙම වසරේ ඇමරිකාව තුළ 21දහසකට අධික පිරිසක් තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම