ඇමරිකාවේ ‍මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අපේක්ෂාව පහළට
2022-06-25 16:58:16
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකාවේ ‍මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අපේක්ෂාව අඩු කරයි. එම අරමුදල ඊයේ(24) මෙසේ සිදු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කරමින් එරට මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සඳහා වන අපේක්ෂිත වර්ධන අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේ පැවති 3.7% අගයේ සිට 2.9%ක් දක්වා අඩු කර ඇත. එසේම, ලබන වසරේ එහි අපේක්ෂිත වර්ධන අනුපාතය 2.3% සිට 1.7%ක් දක්වා අඩු කර තිබේ. 2024 වසරේ ඇමරිකානු ආර්ථික වර්ධන අපේක්ෂාව 0.8%ක් දක්වා ද පහත දමා ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම