බංග්ලාදේශයේ Padma පාලම ජනසතු කෙරේ
2022-06-25 17:02:27
Share with:

බංග්ලාදේශයේ Padma පාලම විවෘත කෙරේ.

වසර 8ක් ඉදි කර ඇති එම පාලම අද(25) ජනසතු කෙරිණ. එරට අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය පීත්ත පටිය කපා එය විවෘත කළා ය.

මෙම පාලම, ආසියානු කලාපය ආවරණය කෙරෙන දුම්රිය මාර්ග පද්ධතියේ මෙන්ම ආසියානු මහා මාර්ග ජාලයේ සංධිස්ථානගත ව්‍යාපෘතියකි. ‍මෙය, චීන ව්‍යවසාය ආධාර යටතේ ඉදි කරන ලද්දකි.

මහා මාර්ගය හා දුම්රිය මාර්ගය ඒකාබද්ධ බහුකාර්ය ව්‍යාපෘතියක් වන Padma පාලම විවෘත කිරීමෙන් පසු, බංග්ලාදේශයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය 1.5%කින් වැඩිවෙතැයි අපේක්ෂා කෙරේ. එරට ජනගහණයෙන් අඩකට මින්  සුබසෙත සැලසෙනු ඇත. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම