ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමුවෙති
2022-06-25 16:17:12
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙති.

හමුව 24වැනිදා පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක් කරති. අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුහු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරන බව නියෝජිත පිරිස කියා සිටියහ. පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer), මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි (Masahiro Nozaki), මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම