අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර සහාය දෙන බව යුරෝපා රටවල තානාපතිවරු පවසති
2022-06-25 16:19:18
Share with:

මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙන බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරු පවසති. ඊයේ (24) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ ඔවුහු මේ බව කියා සිටියහ.

ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව දූත මණ්ඩල සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මෙරට ජනගහණයෙන් විශාල පිරිසක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් ම කෘෂිකර්මාන්තයේ නියැලෙති. ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම