BRICS රටවල් හා එක්ව නව ආරක්ෂක මාර්ගයක් තහවුරු කර ගෝලීය සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට චීනයෙන් අපේක්ෂා
2022-06-24 09:53:03
Share with:

BRICS රටවල් සමඟ එක්ව, නව ආරක්ෂක මාර්ගයක් නිර්මාණය කර ගෝලීය සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට චීනය අපේක්ෂා පළ කරයි.

BRICS  රටවල නායකයන්ගේ 14 වන සමුළුවට ඊයේ (23) වීඩියෝ ආකාරයෙන් එක්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මේ බව ප්‍රකාශ කළේය. මුළු ලෝකය විමසා බැලීමේදී සීතල යුද චින්තනය හා බලහත්කාරී දේශපාලන බලපෑම් තුරන් වී නොමැත. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන අඛණ්ඩව පවතින බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ය.

BRICS සාමාජික රටවල එකිනෙකාගේ කේන්ද්‍රීය ජයග්‍රහණ හා  ප්‍රශ්නවල දී අන්‍යෝන්‍ය ලෙස අනුබල සැපයිය යුතු ය. සාධාරණත්වය සුරක්ෂිත කර හිංසනයට එරෙහි විය යුතු බවත්, සමගිය සහතික කර බෙදීමට විරුද්ධ විය යුතු බවත් හෙතෙම පැවසීය.

අර්බුද ඇති කර ලෝක පටිපාටිය අවුල් කිරීමෙන් විවිධ විපර්යාසය සිදුවනු ඇත. අර්බුදය කොයි ආකාරයකින් පැමිණිය ද ඊට සවිමත්ව මුහුණ දීම වැදගත් කරුණක් බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2030 වසරේ තිරසර සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක්‍ සහිත ගෝලීය සංවර්ධන ප්‍රජාව ගොඩනැගීමට BRICS හවුල්කරුවන් සමඟ චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම