CGTN නාලිකාව සහ “ ගුවං තුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ” හොංකොං හි විකාශ කටයුතු අරඹයි
2022-06-24 15:37:25
Share with:

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සහ “ ගුවං තුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ” එෆ්.එම්. නාලිකාව, හොංකොං හි විකාශ කටයුතු අරඹයි.

හොංකොං මව්රටට එක්වීමේ 25වැනි සංවත්සරය නිමිති කරගෙන එම නාලිකා දෙක ලබන ජුලි පළමු දා සිට විකාශය කෙරේ. ඒ නිමිත්තෙන් අද (24) හොංකොං  සහ බෙයිජිං හි වෙන් වෙන් ව විශේෂ උත්සව පැවැත්විණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය විධායක Carrie Lam Cheng මහත්මිය හා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඇතුළු නිලධාරීහු රැසක් ඊට එක් වූහ.

හොංකොං ආපසු චීනයට එක් ව, එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සෙසු ප්‍රදේශ සමග මව්රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කර ඇතැයි Carrie Lam Cheng මහත්මිය වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් කියා සිටියා ය. චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සහ “ ගුවං තුං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපීය හඬ” එෆ්.එම්. නාලිකාව, හොංකොං විශේෂ පරිපාලන කලාපයේ විකාශය කිරීම මගින්, හොංකොං වැසියන්  මව්රටේ නවතම සංවර්ධනය පිළිබඳ දැනුවත් වීම පිළිබඳ මනා වේදිකාවක් නිර්මාණය කෙරෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්  Shen Haixiong මහතා උත්සවයේදී දේශනයක් ද පැවැත්වීය.චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හොංකොං වැසියන්ගේ සැප දුක මෙන් ම හොංකොං හි දිගුකාලීන සංවර්ධනය හා සමෘද්ධිය පිළිබඳව සැමවිටම අවධානයෙන් සිටින බව ඔහු පැවසීය. චීන මාධ්‍ය සමූහය ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව හොංකොං වැසියන්ට මධ්‍යම රජයේ හඬට සවන්දීමට පුළුල් අවකාශ ලබාදෙමින් නව යුග‍යේ හොංකොං හි සංවර්ධනය මැනැවින් ප්‍රචාරය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම