ජනතාවට සුවදායක ජීවිතයක් හා සමාජයීය අභිප්‍රායයන් සාක්ෂාත් කර ගත හැක්කේ සංවර්ධනය තුළින් පමණක් බව චීන ජනපති කියයි
2022-06-24 21:32:19
Share with:

ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) බෙයිජිංහිදී ඇරඹිණ. සංවාදය වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

තමා ගොවියෙකු ලෙස කටයුතු කළ යුගයේ මුහුණ පෑ සිදුවීම් හා අත්දැකීම් චීන ජනාධිපතිවරයා එහිදී විග්‍රහ කළේ ය. හෙතෙම පවසන්නේ ගතවූ කාලයේ චීනයේ විවිධ නගරවලට හා ගම්මානවලට ගිය තමා එහි ජනතාවගේ දුක සැප මෙන්ම ජන ජීවිතය පිළිබඳ විමසා බැලූ බවයි. එමෙන් ම, ලොව බොහෝ රටවල නිල සංචාරයන් හි නිරත ව ඇති තමා ජනතාවට සුවදායක ජීවිතයක්, සුසංගත සමාජයක් මෙන් ම තම අභිප්‍රායයන් ද සාක්ෂාත් කර ගත හැක්කේ සංවර්ධනය තුළින් පමණක් බව එම ජනතා අත්දැකීම්වලින් ප්‍රත්‍යක්ෂ කර ගත් බවද ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම