ඇෆ්ගනිස්ථානයේ භූමි කම්පාවෙන් 1100ක් පමණ ජීවිතක්ෂයට
2022-06-24 10:58:25
Share with:

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමි කම්පාවෙන්  1100ක පමණ පිරිසක් මිය ගොස් තිබේ.

Paktika පළාතේ හා Khost පළාතේ පුද්ගලයන් 1100ක් මෙහිදී මිය ගිය අතර 1600ක් පමණ පිරිසක් තුවාල ලැබූහ. එමෙන්ම භූමි කම්පාවෙන් Khost පළාතේ නිවාස 500කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. 

ඇෆ්ගනිස්ථානයේ තාවකාලික රජයේ ප්‍රකාශක Zabihullah Mujahid මහතා ජගත් ප්‍රජාවෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටියේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහනාධාර සපයන ලෙස යි. ඇතැම් රටවල මානුෂවාදී සහනාධාර මේ වනවිට ඇෆ්ගනිස්ථානයට ළඟා වී තිබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විපතට පත් වූ ප්‍රදේශ වෙත ඖෂධමය ද්‍රව්‍ය ටොන් 10ක් හා වෛද්‍ය සේවකයන් යොමු කර තිබේ.  අයහපත් දේශගුණ තත්ත්වය හේතුවෙන් එම සහනාධාර ඇෆ්ගනිස්ථානයට ළඟා වීමට වැඩි දින ගණනක් ගතවනු ඇතැයි ද  Zabihullah Mujahid මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම