බෙයිජිං-හන්චෞ මහ ඇළේ බෙයිජිං-හබෙයි කොටසේ සංචාරක නෞකා ධාවනය ඇරඹේ
2022-06-24 14:40:26
Share with:

බෙයිජිං-හන්චෞ මහ ඇළේ බෙයිජිං-හබෙයි කොටසේ සංචාරක නෞකා ධාවනය ඇරඹේ.

බෙයිජිං නගරය හා හබෙයි පළාත ඒකාබද්ධව පැවැත්වූ සංචාරක නෞකා ධාවන සමාරම්භක උළෙල, අද(24) පෙරවරුවේ පැවැත්විණ. කීලෝමීටර් 62ක් දිගින් යුතු බෙයිජිං-හන්චෞ  මහ ඇළේ බෙයිජිං-හබෙයි කොටස අත්හදා බැලීමක් වශයෙන් ක්‍රියාවට නැංවීම සහ එම ප්‍රදේශ දෙක නව බැඳීමකින් යා වීම මෙමගින් සනිටුහන් වේ.

ඉපැරණි බෙයිජිං-හන්චෞ මහ ඇළ මිනිසුන් විසින් තැනුණු ලොව දිගම ඇළ යි. සියවසකට පසුව, පසුගිය අප්‍රේල් මාසයේ පළමු වරට සම්පූර්ණ ඇළ මාර්ගය ජලයෙන් පිරී ගියේය.

මෙහි බෙයිජිං-හබෙයි කොටසේ සංචාරක නෞකා සේවය ඇරඹීම, බෙයිජිං-ටියන්ජින්-හබෙයි සම්බන්ධීකරණ සංවර්ධන ක්‍රියාමාර්ගයේ තවත් වැදගත් පියවරකි. ‘එකම නෞකාවකින් ප්‍රදේශ දෙකක සංචාරය කිරීමේ’ අරමුණ මෙමගින් සාක්ෂාත් කර ඇති අතර, ඉදිරියේදී මෙසේ ප්‍රදේශ තුනකම, මහ ඇළ ඔස්සේ නෞකා මගින්  සංචාරය කිරීමට ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම