බ්‍රික්ස් යාන්ත්‍රණය ලෝකයට ස්ථාවර හා ධනාත්මක ශක්තියක් ලබා දී ඇතැයි ආසියානු හා අප්රිරකානු විශේෂඥයෝ පවසති
2022-06-24 20:06:01
Share with:

බ්‍රික්ස් යාන්ත්‍රණය ලෝකයට ස්ථාවර හා ධනාත්මක ශක්තියක් ලබා දී ඇතැයි ආසියානු හා  අප්‍රිකානු විශේෂඥයෝ පවසති.

චීන ජනපති ෂී ජීන් පීං මහතා ඊයේ (23)රාත්‍රියේ බෙයිජීංහිදී විඩියෝ ආකාරයෙන් පැවති  බ්‍රික්ස් රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුවේ මුලසුන  දැරීය. දකුණු අප්‍රිකානු ජනාධිපති, බ්‍රසීල ජනාධිපති, රුසියානු ජනාධිපති හා ඉන්දීය අගමැති ඇතුළු නායකයන් සහභාගි වු එම වැදගත් හමුව ලොව පුරා අවධානය දිනාගත්තේය.

බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල විද්වතුන් චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට එක්වෙමින් කියා සිටියේ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය නැගී එන වෙළඳපළ රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන අපේක්ෂාවන් දරන බවයි. මෙම හමුව කැළඹිලි සහ වෙනස්වීම් සහිත කාල පරිච්ජේදය තුළ ජාත්‍යන්තර සබඳතාවලට ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය සපයනු ඇත. එසේම, වත්මන් ලෝක ආර්ථික සංවර්ධනය සහ අභියෝගවලට මුහුණ දීම සඳහා මනා " බ්‍රික්ස් විසඳුම්" ලබා දෙනු ඇත.

තිරසර සංවර්ධනය සඳහා වූ පාකිස්තාන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ෂෆ්කාත් මුනීර් මහතා පැවසුවේ, ෂී ජින් පීං ජනාධිපතිවරයාගේ වැදගත් දේශනය වත්මන් ලෝකය මුහුණ දෙන අභියෝග සහ ගැටලු රාශියක් විසඳීම සඳහා නිවැරදි දිශාව පෙන්වා දුන් බවයි.

ලෝකයට සුභවාදී අනාගතයක් පෙන්නුම් කළ මෙම හමුව ගෝලීය අර්බුදයට ප්‍රතිචාර දක්වමින් ප්‍රබල මෙන්ම ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කර ඇතැයි   ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විචාරක විජය දිසානායක මහතා පෙන්වා දුන්නේය .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම