යුක්රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයේ අපේක්ෂකයින් ලෙස යුරෝපා සංගමය අනුමත කරයි
2022-06-24 11:13:30
Share with:

යුක්රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයේ අපේක්ෂකයන් ලෙස යුරෝපා සංගමය අනුමත කරයි. යුරෝපා කවුන්සිලය ඊයේ (23) එය තීරණය කළේය.

යුරෝපා සංගමයේ දෙදින ගිම්හාන සමුළුව ඊයේ (23) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ආරම්භ විය. එදින යුරෝපා කවුන්සිලය එම තීරණය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළේය. සංගමයට‍ ඇතුළු වීමට එම රටවල් දෙක අදාළ කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳව වාර්තා කරන ලෙස ද එම ප්‍රකාශය යුරෝපීය කොමිසමෙන් ඉල්ලා සිටී. අදාළ කොන්දේසි සම්පුර්ණයෙන්ම සපුරාලීමෙන් පසු, යුරෝපා කවුන්සිලය ඊළඟ පියවර ක්‍රියාවට නැංවීමට තීරණය කරනු ඇත. යුක්රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයේ අපේක්ෂකයන් ලෙස අනුමතවීමේ පියවර යුරෝපා සංගමය ශක්තිමත් කරන බව යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය පවසයි.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම