චීන ආර්ථිකය අභියෝගාත්මක සමයන්ට මුහුණ දී ඇත්තේ කෙසේ ද?
2022-06-23 11:11:29
Share with:

ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දී ඇති සමයක චීන ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව හඳුනා ගැනීම වැදගත් බව වාරියපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලලිත් බණ්ඩාර මහතා පවසයි.‍‍‍ ‍බාහිර සාධකයන් හී බලපෑම් වර්ධනය වන තත්ත්වයක් යටතේ දී චීනය සිය දේශීය පරිභෝජන ප්‍රතිපත්ති මගින් ආර්ථිකයට නව ජවයක් ගෙන දීමට උත්සාහ දරමින් සිටී. දේශීය හා විදේශීය ද්විත්ව චක්‍රීය ආර්ථික රටාවන් මගින් චීනය මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙන ආකාරයක් දැකිය හැකිය. විශාල වෙළඳපොලක් සතු චීනයට දේශීය පරිභෝජනය වර්ධනය කිරීමේ දී විශේෂ තත්ත්වයන් දෙකක් තමන් දකින බව ද හෙතෙම කියා සිටී. ඉන් ප්‍රධාන හැකියාවක් ලෙසට වේගයෙන් වර්ධනය වෙමින් පවතින ඊ වානිජ්‍ය අංශය හැඳින්විය හැකිය. ‍මෙය පරිභෝජන උත්තේජනයක් ලබා දිය හැකි ආකාරයේ වෙළඳ ගනුදෙනු ක්‍රමයකි. අන්තර්ජාලය ඉතා ප්‍රචලිත වෙළඳපොලක් තුළ මෙවැනි වෙළඳ වේදිකා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය. එම වාසිය චීනය සතුය. සෙසු කරුණ ලෙසට වර්ධනය වෙමින් පවතින චීනයේ මධ්‍යම පාන්තික ජන කොට්ඨාසය පෙන්වා දිය හැකි බවද ලලිත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. එමගින් පරිභෝජන අංශය පුළුල්වීමක් සිදුවන අතර එය චීනයට අභියෝගාත්මක කාලයක දී සිය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමට උපකාරී වී තිබේ. ආනයන හා අපනයන යන දෙඅංශයේම ආර්ථික ක්‍රියාකාරීත්වයට එය ධනාත්මකව බලපාන බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම