චීනයේ විදේශ ආයෝජන කැඳවා ගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක
2022-06-23 19:39:49
Share with:

චීනයේ විදේශ ආයෝජන කැඳවා ගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා, රට පුරා විදේශ ආයෝජනයේ සැබෑ ලෙස භාවිත කළ වටිනාකම චීන යුවාන් බිලියන 564.2ක් වූ බවයි. පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව එය 17.3%ක වර්ධනයකි. ගතවූ වසර කිහිපයක සමාන කාලය හා සැසඳීමේ දී මෙම අනුපාතය තවමත් ඉහළ ය. අදාළ දත්තයන් හි සඳහන් වන පරිදි, කෙටිකාලීන අසීරුතාවන්ට මුහුණ දුන්නද, අන්තර්ජාතික සමාගම් රැසක් චීනයේ තවදුරටත් ඉදිරි ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් අඛණ්ඩව සතුටුදායක ආකල්පයක් දරයි. ඒ අනුව, ආයෝජන ප්‍රබලතාව තවදුරටත් තහවුරු කෙරේ. විවෘත චීන වෙළඳපොළ ලොව පුරා විවිධ ව්‍යාවසායයන් වෙනුවෙන් වැඩි අවස්ථාවන් අනිවාර්යයෙන් ම සපයන බවද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකාව කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම