ඇමරිකාවේ අනීතික ඝාතන ප්‍රශ්නය පිළිබඳව චීනයේ කනස්සල්ල
2022-06-23 10:45:08
Share with:

ඇමරිකාවේ අනීතික ඝාතන ප්‍රශ්නය පිළිබඳව චීනය මානව හිමිකම් කවුන්සිලයේදී කනස්සල්ල පළ කරයි.

ඊයේ (22) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයේදී අනීතික ඝාතන ප්‍රශ්නය පිළිබඳ විශේෂ වාර්තාකරු සමඟ පැවති සංවාදයේදී චීන නියෝජිතයා අදහස් දැක්වීය. ඇමරිකා පොලීසිය ප්‍රචණ්ඩකාරීව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අඛණ්ඩව මිනිස් ඝාතන සිදුවන බව චීන නියෝජිතයා පැවසීය. George Floyd සිද්ධියෙන් පසුව, වසරක් තුළ, ඇමරිකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් එරට සුළුජාතික වැසියන් සිය ගණනක් මරා දමා ඇති බව වාර්තා වේ. ඇමරිකානු සොල්දාදුවෝ විදේශ හමුදා මෙහෙයුම්වලදී වෙනත් රටවල අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරති. එහෙත් එම අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමක් සිදු කර නොමැත. ඇමරිකා පොලීසියේ ප්‍රචණ්ඩත්වය සහ එරට සොල්දාදුවන් විදේශ රටවල අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරන ලෙසත්, සම්පූර්ණ හා සාධාරණ පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් චීන නියෝජිතයා මානව හිමිකම් කවුන්සිලයෙන් සහ අනීතික ඝාතන ප්‍රශ්නය පිළිබඳ විශේෂ වාර්තාකරුගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම