මෙවර බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවේ එළඹෙන එකඟතාවන් ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වනු ඇති බව ආචාර්ය මැණික් වක්කුඹුර පවසයි
2022-06-23 09:55:48
Share with:

බ්‍රික්ස් සමුළුවේ 14 වන රාජ්‍ය නායක සමුළුව චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වීම සුවි‍ශේෂී බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැණික් වක්කුඹුර මහත්මිය පවසයි

ඊට ප්‍රධාන කරුණු දෙකක් බලපායි.‍චීනය ගෝලීය වශයෙන් නව ආර්ථික සහයෝගතාවක්, නැගී ‍එන ආර්ථිකයන් අතර එකමුතුවක් වශයෙන් ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීම ඉන් එක් කරුණකි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කරන ගෝලීය ආරක්ෂක මුල පිරුම සෙසු වැදගත් කරුණ ලෙසට හැඳින්විය හැකි බව ද වක්කුඹුර මහත්මිය සඳහන් කරයි.මෙවර බ්‍රික්ස් සමුළුවේ දී මෙම කරුණු දෙක සම්බන්ධයෙන් එළඹෙන එකඟතාවන් ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් ය.ආර්ථික බලවතෙකු‍ ලෙසට චීනය බ්‍රික්ස් සමුළුවේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

බ්‍රික්ස් සාමාජික ර‍ටවල් දෙස බැලීමේ දී විශාල ආර්ථික ශක්තියක් සහිත මෙන්ම විශාලතම ජනගහනය සහිත කලාපය වන බැවින් ලොව මානව සම්පත ජනගහනය මගින් කලමණාකරණය කර ගැනීමේ දී එම සංවිධානයට ඉතා වැදගත් අවස්ථාවක් ඇත.බ්‍රික්ස් සංවිධානයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති නව සංවර්ධන බැංකුව මෙම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වැදගත් වෙයි. සංවිධානයේ සාමාජික රටවල් අතරින් වැඩිම ආයෝජනයක් කර ඇත්තේ චීනය විසිනි.එක් තීරයක් එක් මාවතක් වැඩසටහන චීනය ඉතා සාර්ථක අයුරෙන් සිදු කරමින් සිටී. බ්‍රික්ස් සමුළුවේදී එම වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සහයෝගතාවන්ට ලබා දෙන දායකත්වය වැදගත් වන බවද ආචාර්ය මැණික් වක්කුඹුර මහත්මිය කියා සිටී.

ගෝලීය වසංගත තත්ත්වයේ දී බ්‍රික්ස් රටවල් ජාත්‍යන්තර සහයෝගතාවන් හරහා ඉතා විශාල කාර්යභාරයක් ඉටු කිරීම ද කැපී පෙනේ. බ්‍රික්ස් රාජ්‍යයන් සතු මූල්‍ය ශක්තිය නව සංවර්ධන බැංකුව හරහා හදිසි සහන ‍සැලසීම් ලෙසට ලබා දීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.එහිදී චීනය ඉටු කළ කාර්යභාරය සුවිශේෂීය . එන්නත් ඇතුළු වසංගත පාලන ද්‍රව්‍ය ලොව පුරා රටවලට ලබා දෙමින් චීනය එහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේ ය.එමෙන්ම ඇමරිකාවේ ගෝල්ඩ්මන් සාච් බැංකුවේ පු‍රෝකථනයන්ට අනුව බ්‍රික්ස් කලාපය ඉතා බලවත් ආර්ථික කලාපයක් බවට පත්වනු ඇති බවට බ්‍රික්ස් සංවිධානය පිහිටවූ ආරම්භයේදීම දක්වා ඇත.එය නැගීඑන ආර්ථිකයන් හී අනාගත දිශාව පිළිබඳ පැහැදිලි සලකුණක් යැයි ද ආචාර්ය මැණික් වක්කුඹුර මහත්මිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම