චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ කොමිසමේ 26වැනි සමුළුව චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන්
2022-06-23 11:10:20
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ කොමිසමේ 26වැනි සමුළුව ඊයේ (22) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. දත්ත සාධකවල කාර්යභාරය වඩා මනාව ඉටු කිරීම සඳහා දත්ත පදනම් පද්ධතිය ගොඩනැගීම පිළිබඳ අදහස ඇතුළු කරුණු එහිදී අවධානයට ලක්විය. ‘විද්‍යා හා තාක්ෂණ දක්ෂයින් ඇගයීමේ ප්‍රතිසංස්කරණ නියමු කාර්ය සැලැස්ම’ සහ ‘මහා පරිමාණ ගෙවීම් වේදිකා ව්‍යවසායන් කෙරේ නියාමනය ශක්තිමත් කරමින්, ගෙවීම් හා මූල්‍ය සේවා තාක්ෂණය ප්‍රමිතිගත ව වර්ධනය කිරීම සඳහා කාර්ය සැලැස්ම’ එම සමුළුවේදී සමාලෝචනය කර අනුමත කර ඇත.

කාර්යක්ෂම දත්ත සංසරණය සහ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සැබෑ ආර්ථිකය සවිබල ගැන්වීම සහ දත්ත පදනම් පද්ධතිය ගොඩනැගීම වේගවත් කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. විද්‍යා හා තාක්‍ෂණ දක්ෂයින්ගේ නවෝත්පාදන ජීව ගුණය උත්තේජනය කිරීම ඉලක්කය ලෙසට සලකා නවෝත්පාදන වටිනාකම, හැකියාව සහ දායකත්වය මත පදනම් වූ විද්‍යා හා තාක්ෂණ දක්ෂයින් ඇගයීම් පද්ධතිය ගොඩනැංවිය යුතු බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම