මූල්‍යාධාර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විශේෂ දූත පිරිස දිවයිනට
2022-06-23 16:57:41
Share with:

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍යාධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු  රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23) දින උදෑසන මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්  කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ දූත පිරිස පිළිගනු ලැබීය.

ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් පිරිසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත ය.

ඉන්දීය දූත පිරිස සාකච්ඡා නිම කර අද (23) පස්වරුවේ ආපසු නවදිල්ලි නුවර බලා පිටත්ව යනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම