ජනතාව ක්‍රීඩාවලට සක්‍රිය ලෙස දායකවීම පෙළඹවීමට චීනය කළ මෙහෙයුම අතිසුවිශේෂ බව ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී ආමන්ත විජේසූරිය කියාසිටී. ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහයේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
2008 වසරේ බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වල දී ඇදහිය නොහැකි තරම් විශාල ජනකායක් ඉතා උනන්දුවෙන් තරග නැරඹීමට එක්ව සිටි අයුරු ක්‍රීඩා වාර්තාකරුවෙකු ලෙස තමා සියැසින් දුටු බව ඔහු කියා සිටී. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පමණක් නොව, දකුණු චීනයේ Guangzhou නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල වාර්තා කිරීම සඳහා ඔහු මාසයකට ආසන්න කාලය එහි රැඳී සිටියේය. Guangzhou නගරයේ විවිධ උද්‍යානවල, උදේ වරුවේ මෙන්ම රාත්‍රියේ චීන ජනතාව උද්යෝගයෙන් විවිධ ක්‍රීඩාවන්ට සම්බන්ධ වූ ආකාරය ඔහු සිහිපත් කරයි. මෑත වසර කිහිපය තුළ, ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල දී චීනයේ ග්‍රාමීය ප්‍රදේශයකින් පැමිණි කාන්තා ක්‍රීඩිකාවන්ට පවා රන් පදක්කම් හිමි වී තිබේ. ඊට බලපා ඇත්තේ, චීන රජය රටේ සමස්ත ජනතාව ක්‍රීඩාවලට සක්‍රිය ලෙස එක් කරවීමට දැරූ උත්සාහය බව ඔහු පැවසීය. ඊට ඉහළ ප්‍රශංසාවක් හිමි විය යුතු බව ඔහු අවධාරණය කළේය.
චීනය හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා ක්ෂේත්රයේ පවතින සහයෝගිතා තවදුරටත් තහවුරු කර ගැනීමට හැකිවෙතැයි ද ආමන්ත විජේසූරිය මහතා සිය අපේක්ෂාව පළ කර ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම සක්‍රීය ලෙස අනුගමනය කරන චීන ඔලිම්පික් කමිටුව, 1987 වසරේ සිට වසර 35ක කාලය තුළ විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් නොකඩවා ම දියත් කර තිබේ.ඔලිම්පික් චින්තනය, විනය, චමත්කාරය ප්‍රචාරය කර ඔලිම්පික් ක්‍රීඩා ප්‍රවර්ධනයට චීනය දැරූ උත්සහය අගය කළ යුතු බව ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී ආමන්ත විජේසූරිය මහතා කියාසිටී.