චීන තානාපති සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්
2022-06-23 16:16:54
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi-Zhenhong මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් පැවැත්වෙයි. ඒ ඊයේ (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී ය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඉන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම පවතින දේශපාලන තත්වය කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සෑම අවස්තාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළේය.

මෙම අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම උපකාරයක්ම කරන බව තානාපතිවරයා එහිදී පැවසීය.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහා ද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව Qi-Zhenhong මහතා  කියාසිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම