යුරෝපයේ ගෑස් සැපයුම අවදානමක
2022-06-23 11:40:00
Share with:

රුසියාවෙන් යුරෝපයට ස්වභාවික ගෑස් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම  නතර වුවහොත් යුරෝපය බලශක්ති අර්බුදයකට සූදානම් විය යුතු බව, ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ Fatih Birol මහතා පවසයි.

රුසියාව-යුක්රේන ගැටුම අඛණ්ඩව පැවතියහොත් යුරෝපයට රුසියානු ගෑස් සැපයීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. යුරෝපා රටවල් ස්වභාවික ගෑස් ගබඩා කිරීම වේගවත් කළ යුතු අතර, න්‍යෂ්ටික බලාගාර වසා දැමීම ප්‍රමාද කිරීම සහ ගල් අඟුරු විදුලි උත්පාදනය නැවත ආරම්භ කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් එම අවදානමට මුහුණ දිය යුතු බව, ඔහු සඳහන් කළේ ය.

රුසියානු-යුක්රේන ගැටුමට පෙර, යුරෝපා සංගමයේ ස්වභාවික ගෑස් අවශ්‍යතාවෙන් 40% ක් පමණ රුසියාව මත රැඳී පැවතිණ.

පෝලන්තය, බල්ගේරියාව, පින්ලන්තය, නෙදර්ලන්තය යන රටවල්, ස්වභාවික ගෑස් සඳහා ගෙවීමට හිඟ මුදල් ඇති අතර රුසියා රූබල්වලින් ගෙවීම ප්‍රතික්ෂේප කළ යුරෝපා රටවලට, ස්වාභාවික ගෑස් සැපයුම අත්හිටුවන බව රුසියානු Gazprom සමාගම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම