චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ කටයුතු සම්බන්ධ චීන ජනාධිපතිවරයාගේ ‍ලිපි ඇතුළත් ග්‍රන්ථයක්
2022-06-22 10:40:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ කටයුතු සම්බන්ධ චීන ජනාධිපතිවරයාගේ ‍ලිපි ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය පර්යේෂණායතනය විසින් සම්පාදනය කරන ලද එම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රකාශන ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කර ඇත. මෙම ග්‍රන්ථයෙහි, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ කටයුතු පිළිබඳව රචනා කළ ලේඛන 60ක් අඩංගු වේ. මෙහි ඇතැම් ලේඛන පළමු වරට ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි. එම ග්‍රන්ථය ඔස්සේ නව යුගයට අවශ්‍ය වන්නේ කවර  ආකාරවල තරුණ පරපුරක් ද, එවන් තරුණයින්බිහි කරන්නේ කෙසේ ද යන ප්‍රශ්න වලට ගැඹුරු ලෙස පිළිතුරු සපයමින් නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ කටයුතු සඳහා ඉදිරි දිශාව ද පැහැදිලි කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම