BRICs ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් චීන ජනපති දේශනයක් පවත්වයි
2022-06-22 20:37:57
Share with:

චීන ජනාධිපතිවරයා  BRICs ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙයි.

BRICs ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට අද (22) සවස වීඩියෝ ආකාරයෙන් සහභාගි වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  "කාලයේ ප්‍රවණතාව ග්‍රහණය කර ගනිමින් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම" යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීය.

ඉතිහාසය අපට පවසන්නේ, සාමය මනුෂ්‍ය වර්ගයාගේ පොදු අපේක්ෂාවක් වන බවයි. සෑම පාර්ශ්වයක්ම ඒ වෙනුවෙන් උත්සාහ කරමින් සහ එය පවත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කැළඹිලි සහිත ලෝකය,  එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මුල් අභිප්‍රාය අමතක නොකළ යුතු අතර සාමය ආරක්ෂා කිරීමේ මෙහෙවර මනසේ තබා ගත යුතු යැයි ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය.

ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද, විවෘත වීමේ සහ සංවර්ධනයේ ඓතිහාසික ප්‍රවණතාව හෝ අභියෝගවලට මුහුණ දීම සඳහා එකට වැඩ කිරීමේ ආශාව වෙනස් නොවනු ඇත. අභියෝගවලට මුහුණ දී නිර්භීතව ඉදිරියට යා යුතුයැයි චීන ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

ගෝලීය සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා චීනය 'ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයක්'  තව දින දෙකකින් පවත්වනු ඇත. ගෝලීය සංවර්ධනය සඳහා මානව වර්ගයා මෙන්ම ලෝකයේ අවශ්‍යතා හදවතේ තබා ගත යුතුය. නව යුගයේ සංවර්ධනය අත්පත් කර ගනිමින්, සියලු රටවල ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුතුයැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ලෝක ආර්ථිකය දේශපාලනීකරණය මෙන්ම ආයුධකරණයට ලක් කර,  අත්තනෝමතික සම්බාධක පැනවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතියේ ප්‍රමුඛ ස්ථානය භාවිත කිරීම තමන්ටත් සමස්ත ලෝ වැසියන්ටත්  හානියක් වන බව යළි යළිත් සනාථ වී ඇතැයි ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ආර්ථික ගෝලීයකරණය යනු නිෂ්පාදන බලවේගවල වර්ධනයේ වෛෂයික අවශ්‍යතාවයකි.එමෙන්ම නොබිඳිය හැකි ඓතිහාසික ප්‍රවණතාවයකි. ඉතිහාසය ආපස්සට හරවමින් අන් අයගේ මාර්ග අවහිර කිරීමට උත්සාහ කිරීමෙන් අවසානයේ සිදුවන්නේ තමන්ගේම මාර්ග අවහිර වීම පමණකැ යි ද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය .

BRICs සහයෝගිතා යාන්ත්‍රණය, නැගී එන වෙළෙඳපොළවල් සහිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සබඳතා සඳහා වැදගත් වේදිකාවකි. ව්‍යාපාරික ප්‍රජාව BRIC හි ප්‍රායෝගික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ නව බලවේගයක් යැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම