යු‍ක්රේන ආහාර අපනයනය පිළිබඳ සිව්පාර්ශ්වික සාකච්ඡා ලබන සතියේ
2022-06-22 12:55:17
Share with:

යු‍ක්රේන ආහාර අපනයනය පිළිබඳ සිව්පාර්ශ්වික සාකච්ඡා ලබන සතියේ ඇරඹේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා ලබන සතියේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ දී පැවැත්වීමට නියමිත බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි. තුර්කිය , රුසියාව, යුක්රේනය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය යන සිව්පාර්ශ්වයන් ඊට එක් වනු ඇත. කලු මුහුදේ යුක්රේන ආහාර අපනයනය සඳහා කොරිඩෝවක් විවෘත කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරේ.

ඊට අදාළ කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් තුර්කි හමුදා නියෝජිත කණ්ඩායමක් රුසියාවට පිටත් කර යවනු ඇති බව තුර්කි මාධ්‍ය පවසයි. එම කොරිඩෝව මාසයක් තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම