"මානව හිමිකම් භුක්ති විඳී‍මේ දී යටත් විජිත උරුමයේ ඍණාත්මක බලපෑම" යන තේමාවෙන් යුත් වීඩියෝ සම්මන්ත්‍රණයක්
2022-06-22 10:59:24
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50වැනි සැසියේ දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හී චීන නිත්‍ය දූත මණ්ඩලය, "මානව හිමිකම් භුක්ති විඳීමේ දී යටත් විජිත උරුමයේ ඍණාත්මක බලපෑම" යන තේමාවෙන් යුත් වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වයි.

රුසියානු නියෝජිතයන් එහිදී පෙන්වා දුන්නේ, බටහිර ජනපදිකයන් ඉතිහාසයේ දී වහල් වෙළඳාම ප්‍රවර්ධනය කර ඇති අතර, එහි අහිතකර බලපෑම්  වර්තමානය දක්වාම පවතින බවයි. මෙය පද්ධතිමය ජාතිවාදය සහ විජාතික භීතිකාව තුළ  දක්නට ලැබෙන බව ඔවුහූ  සඳහන් කරති.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නියෝජිත Chen Xu තානාපතිවරයා පෙන්වා දුන්නේ, වර්තමාන කාලයේ යටත් විජිතවාදයෙන් ශේෂ වී ඇති ගැටළු, ඒ ඒ රටවල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට මානව හිමිකම් භුක්ති විඳීමට තවමත් බරපතල  බලපෑමක් බවයි.

මානව හිමිකම් කෙරෙහි එහි අහිතකර බලපෑම තුරන් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට , සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව, Chen Xu මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම