අපනයන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව අග්‍රාමාත්‍යවරයා කියාසිටී
2022-06-22 16:20:57
Share with:

වත්මන් රජය නව ලාංකීය ආර්ථිකයක් ගොඩනැගීමේ මාර්ගයට ප්‍රවේශ වී ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම පැවසුවේ අපනයන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි.

අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා එකම ආරක්ෂිත මාර්ගය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමයි. ඊට පරිබාහිර මාර්ගයක් රට සතුව නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. කඩාවැටුණු ආර්ථිකයක් ගොඩනැගීම පහසු නොවේ. එහෙත් මේ වනවිට, රට ඒ සඳහා ප්‍රවිෂ්ට වී ඇත.

චීනය, ඉන්දියාව හා ජපානය හා සමග ආධාර සමුළුවක් පැවැත්වීමට පියවර ගන්නා බව ද  වික්‍රමසිංහ මහතා කියාසිටී. අසීරු තත්ත්වයෙන් රට  මුදාගැනීම සඳහා සියලුදෙනා එක්විය යුතු බවත් ඔහු පෙන්වාදෙයි.  ලබන අගෝස්තු මාසයේදී අන්තර්කාලීන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම කියාසිටියේය.

 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම