රාජ්‍ය සේවකයන් විදෙස් ගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
2022-06-22 16:47:32
Share with:

රාජ්‍ය සේවකයන්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කෙරේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව, වැටුප්‍ රහිත විදේශ නිවාඩු ලබා ගත හැකි වේ.

එසේම, මේ යටතේ,වයස අවුරුදු 35ට අඩු රාජ්‍ය නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂා දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පුර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය.

විදේශ ගතවන රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් මගින් සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් මෙරටට එවීම සිදුකළ යුතු බව ද චක්‍රලේඛයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම