"නව කොරොනා වෛරසය වුහාන් රසායනාගාරයෙන් කාන්දු වූවක් විය හැකිය" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව චීනය අවධාරණය කරයි
2022-06-22 21:08:52
Share with:

"නව කොරොනා වෛරසය වුහාන් රසායනාගාරයෙන් කාන්දු වූවක් විය හැකිය" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ප්‍රකාශ කළ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලය චීන පාර්ශ්වයට මේ බව පැහැදිලි කර ඇති අතර, Tedros Ghebreyesus මහතා ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව එවැනි ප්‍රකාශයක් කර නොමැති යැයි අවධාරණය කරන බව Wang Wenbin මහතා සඳහන් කළේය.

නව කොරොනා වෛරසය වුහාන් රසායනාගාරයෙන් කාන්දු වීමේ ඊනියා පුවත චීන විරෝධී බලවේග විසින් දේශපාලන අරමුණු උදෙසා ප්‍රබන්ධ කරන ලද අසත්‍යයක් වන අතර, එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම