ඇමරිකාව චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ නිෂ්පාදිත සියළු භාණ්ඩ ආනයනය තහනම් කිරීම ආර්ථික බලහත්කාරකමක්
2022-06-22 09:46:07
Share with:

ඇමරිකාව චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ නිෂ්පාදිත සියළු භාණ්ඩ ආනයන තහනම් කිරීම ආර්ථික බලහත්කාරකමට උදාහරණයක් යැයි  චීන වාණිජ අමාත්‍යංශය පවසයි. මෙම පියවර චීන සහ ඇමරිකා පාරිභෝගිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවලට බරපතල ලෙස හානි කරනු ඇති අතර ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන් ස්ථාවර කිරීම, ගෝලීය උද්ධමනය ලිහිල් කිරීම හෝ ගෝලීය ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු යහපතක් ගෙන නොදෙනු ඇති බව වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.ඊනියා උයිගුර් බලහත්කාරී ශ්‍රම භාවිතය වැළැක්වීමේ පනත මත ඇමරිකානු රේගුව විසින් ෂින්ජියංහි නිෂ්පාදිත සියළු නිෂ්පාදන සඳහා ආනයන තහනමක් අඟහරුවාදා ( 21) සිට පනවනු ලැබිණ.

තහනමට දැඩි ලෙස විරුද්ධ වන චීනය ,ඇමරිකාව "මානව හිමිකම්" මුවාවෙන් ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය ක්‍රියාත්මක කරමින් හිරිහැර සිදු කරන අතර එය වෙළඳපොල මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනයක් බව සඳහන් කරයි.එම ක්‍රියාවන් ලෝක වෙළඳ සංවිධානයේ නීති ද උල්ලංඝනය  කිරීමකි.චීන නීතිය යටතේ බලහත්කාරී  ශ්‍රම හාවිතය තහනම් කර ඇති අතර ෂින්ජියංහි සියළුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් ජනයා  පූර්ණ නිදහස සහ රැකියා වලදී සමාන අවස්ථා භුක්ති විඳින බවද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම